BREAKING NEWS
Search

බෙල්ලන්විල හිමිගේ අපවත් වීම අභිරහසක් වෙයි මෙන්න මරණපරීක්ෂණයෙන් හෙළි වෙච්ච කතාව

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමරතන ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ සිටි ‘මියන්කුමාර’’ නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේ සිදුවුනු බවට කියු අනතුරක් නිසා රෝහල්ගත කල අතර ඉන්පසු උන් වහන්සේ (03) වනදා අපවත් විය.

පසුව මේ සම්බන්ධව විවිධ අදහස් පල උනු අතර හිමියන් පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීම පිලිබදවද ඇතැමුන් ප්‍රශ්න කර තිබුනා.

කෙසේ වෙතත් බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ (77) මරණයට හේතුව ඇද වැටී ඉලඇට කැඩී යැමෙන් සිදුවූ තුවාල නිසා කම්පනය, වේදනාව හේතුවෙන් වූ හෘදයාබාධයක්‌ බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙරේදා (3 වැනිදා) සවස පවැත්විණි. කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක සහ ජ්‍යෙෂ්ඨ චතුර නන්දසිරි යන මහත්වරු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළහ.

උන්වහන්සේගේ ඉලඇට 9 ක්‌ පමණ කැඩී බිඳී ගොස්‌ තිබූ බවත් දකුණු අතට තුවාල සිදුවී තිබූ බවත් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවිය.

මහාචාර්ය නාහිමිපාණන් පසුගිය 2 වැනිදා පෙරවරු 9.00 ට පමණ විහාරස්‌ථානයේ සිටින “මියන් කුමාර” නමැති ඇතාට ආහාර ලබාදීමේදී සිදුවූ අනතුරකින් කළුබෝවිල මහ රෝහලටත් පසුව කොළඹ පෞද්ගලික රෝහලටත් ඇතුළත් කරනු ලැබූහ. එම රෝහලේදී සිදුකරන ලද පැය 10 ක ශල්‍යකර්මය අතරතුරදී උන්වහන්සේ අපවත් වූහ.

මේ අතර උන්වහන්සේගේ හදිසි මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය බොරලැස්‌ගමුව හදිසි මරණ පරීක්‍ෂිකා මල්ලිකා සුගතදාස මහත්මිය විසින් සිදුකරන ලදි. මේ පිළිබඳව බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. ඒ. ඩී. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල් බණ්‌ඩාර (34137) මහතා වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්‌ථානයේ සිටි ඇත්ගොව්වකුගෙන්, විහාරයේ හිමිවරුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ස ජයවර්ධන-බොරලැස්‌ගමුව

මීට පෙර බෙල්ලන්විල හිමියන්ගේ අපවත්වීම සම්බන්ධව ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන වසන්ත දිසානයක මහතා සටහනක් තබමින් ප්‍රශ්න කර තිබුනේ මෙලෙසයි

” වෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත. පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද?.

එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද? පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාහිමියන් තුවාල වු බවට බොරු කිවේ අැයි? ඉල අැට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු, සුලු තුවාල අැතැයි මාධ්‍යයට පැවසුවේ මොකාද? මේ රටේ සිදුවන සියල්ල පෙනෙන හැටියටම පිලිගන්න අකමැති මා වැනි හුදි ජනයාගේ සැක දුරු කරනු මැනවි.

ලිපිය උපුටා ගත් එකකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *