BREAKING NEWS
Search

කොටි හිතවාදීන්ට සිංහ කොඩිය පෙන්වූ යුධ හමුදා නිලදාරියාට සිදු වූ දේ මෙන්න .photos ,video

පසුගිය 04දා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් සැමරුම අවස්ථාවේ  විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරන විදේශ ආමාත්‍යංශය පවසන්නේ වහා ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට උපදෙස් ලබා දී ඇති බවත්,  මේ සම්බන්ධයෙන් යුධ හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවත්ය.

මෙම නිදහස් සැමරුම අවස්ථාවේ එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් තනාපති කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි අතර , ඒ මොහොතේ එතැනට පැමිණි අදාළ නිළාධාරිවරයා උද්ඝෝෂණකරුවන් වෙත සිංහ කොඩිය පෙන්වා, ගෙල හරහා ඇඟිල්ලක් යවමින් යම් අභිනයක් කරනු දැකගන්නට ලැබුණා.

මෙම අවස්ථාවේ වීඩියෝ පටය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ අතර,  අදාළ නිළධාරිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් එරට සර්වපාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් පැමිණිළි කොට තිබූ අතර ඔහුව එරටින් පිටුවහල් කරන ලෙස එරට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වුණා.
වීඩියෝ සහ ඡායාරූප පහතින්..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *