BREAKING NEWS
Search

මයිකල් ජැක්සන්ගේ අත් වැස්මට වැසීගිය ලොවම කැළඹු රහස මෙන්න


M.J. නැත්නම් මයිකල් ජැක්සන් පොප් සංගීතය රජුගේ හඬ නිහඬ වෙලා වසර 09ක් වෙන්නත් එනවා. ඒත් ඔහුගේ සංගීතය සදාකාලිකව සංගීත ලෝකයේ අමරණීය වෙලා අවසන්.
ඕනෑම කලාකරුවෙකුගේ අනන්‍යතාවයක් පවතිනවා ඔවුන්ටම ⁣ආවේනික වුනු. හරියට ඔවුන් අඳින පළඳින ඇඳුම් වගේ. මේ වගේ විවිධ වූ සලකුණු මේ කලාකරුවන් හ⁣ට තියෙනවා. මයිකල් ජැක්සන් ගත්තාම ඔහුත් මේ විදිහට ට්‍රේඩ්මාර්ක් එකක් නැත්නම් තමන්ගේ ම අනන්‍යතාවයක් තිබූ ගායකයෙක් කියන්න පුළුවන්.
මයිකල්ගේ ප්‍රධාන ට්‍රේඩ්මාර්ක් එක තමයි එයාගේ සුදු අත්වැස්ම (White Glove). සුදු අත්වැස්ම මුලින් කරළියට එන්නේ මයිකල්ගේ සිංදු අතරින් වඩාත් ම ජනප්‍රිය ගීතයක් වන බිලී ජේන්(Billie Jean) හා මුලින් ම මූන් වෝල්ක් එක එළි දක්වපු වර්ෂ 1983 දී.
මේ අත්වැස්ම නිර්මාණය කරන්නේ රංගන ශිල්පිනියක් වුනු Cicely Tyson ගේ මෝස්තර නිර්මාණ ශිල්පිනිය විසින්.
මයිකල් මේ අත්වැස්ම තමන්ගේ වම් අතට පැළඳුවේ ලෝකයෙන් යම් දෙයක් සඟවන්නයි. මොකද ඒ වෙද්දී ඔහුට ජිවිතේ අවසාන කාලය වෙනතුරු අවසන් නොවන දෙයකට මුහුණ දීමට සිදූ වී තිබුනා.
මයිකල්ගේ අත්වල vitiligo නමින් හැඳින් වෙන රෝගය ව්‍යාප්ත වීමට පටන් අරන් තිබුණේ. මයිකල් කියන්නේ කළු ජාතිකයෙක් 1980 දශකය පමණ වෙද්දී අතිශයෙන් ම ජනප්‍රියත්වයට පත් වී සිටි ගායකයෙක්. ඉතින් මයිකල් ට එයාගේ ශරීරයේ වර්ධනය වෙමින් තිබුණු Vitiligo සෑහෙන්න මානසිකව පීඩා ගෙන දෙන්න පටන් ගත්තා.
Vitiligo කියන්නේ සමේ වර්ණ සෛල විනාශ වීම නිසා ඇති වෙන රෝගයක්. මේ රෝගයේ ශරීරයේ ඕනෑම තැනක හට ගන්න පුළුවන්. මෙහි රෝග ලක්ෂණය වෙන්නේ සම මත සුදු පැහැති කැළල් හට ගැනීමයි.
මේ රෝගය බොහො අප්‍රිකානු-ඇමෙරිකානු පිරිමින්ට තිබුණු රෝගයක් බව සඳහන් වෙනවා. මයිකල් ට මේක හංගන්න ඕන වුනා. ඉතින් ⁣මේ විදිහට එයාට ඕන වුනු අත්වැස්ම නිර්මාණය වෙනවා.
මේ අත්වැස්ම ගැන කියද්දී ඒක නිර්මාණය වෙලා තිබුණේ මෘදු ලෙදර් වලින්.ඒක මයිකල් ට ඕන විදිහට ලොකු පොඩි කළ හැකි විදිහටයි නිර්මාණ කරලා තිබුණේ. මේ සඳහා කපා ඔප දැමූ පළිඟු භාවිතා කර ඇත්තේ එහි අලංකාරත්වය පෙන්වීමටයි. මේ ආකාරයේ විවිධ මෝස්තර වලින් අත්වැසුම් කිහිපයක් ම මයිකල් සතුව තිබුනා.වරක් මයිකල්ගෙන් ඇයි අත්වැසුම් යුගලක් පළඳින්නේ නැතුව එකක් පමණක් පළඳින්නේ කියලා මෝස්තර නිර්මාණ ශිල්පියෙක් අහද්දී එයා කියලා තිබුණේ එතකොට එහි කලාත්මක භාවයක් සලකුණක් නෑ කියලා.
කොහොම වුනත් Vitiligo වලින් පීඩා වින්ද මයිකල් පස්සේ ප්ලාස්ටික් සැත්කමක් මාර්ගයෙන් තමන්ගේ සම වෙනස් කර ගන්නවා. නමුත් මයිකල් කවදාවත් තමන් කළු ජාතිකයෙකු බව අමතක කර සිටියේ නැහැ. Vitiligo මයිකල් ට දැඩි ලෙස පීඩා ගෙන දුන්නත් මයිකල් ජැක්සන් කවදාවත් ප්‍රේක්ෂකයන් පිනවන්න ඒක බාධාවක් කර ගත්තේ නැහැ.
ඉතින් M.J. ප්‍රේක්ෂකයන් ගොඩාක් ඒක මයිකල්ගේ විලාසිතාවක් විදිහට හිතුවට මයිකල් ඇත්ත⁣ටම එයාට ගෙන දුන්නු පීඩාවෙන් මිදෙන්න ගත්ත උත්සහයක් විතරයි මේ අත්වැසුම්. මයිකල් කියලා තිබුණේ එයා කැමැත්තෙන් අත්වැසුම් පළඳින්නේ නැහැ කියලා. මොකද ඒවාට අල්ලලා තියෙන සීකුයින්ස් එයාට වේදනාවක් නිසා. කොහොම වුනත් මයිකල්ගේ මරණයෙන් පස්සේ එයාගේ අත්වැසුම් එකතුවේ වටිනාම අත්වැස්මක් ⁣ඇමෙරිකානු ඩොලර් 350,000ක⁣ට වෙන්දේසි වූ බව සඳහන් වෙනවා..

|සංජේ රණවක

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *