BREAKING NEWS
Search

වසර 152කට පසුව දැකගත හැකි සුපර් බ්ලු බ්ලඩ් අද රාත්‍රී අහසේ

විරල චන්ද්‍රගහණයක් ලෙස සැළකෙන මෙම චන්ද්‍රගහණය සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙනවා.
මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලංකාවාසී සැමට හැකිවනු ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ.

එමෙන්ම මීට පෙර මෙවැන්නක් සිදුව ඇත්තේ 1866 වසරේ වන අතර ඒ අනුව මෙම අවස්ථාව උදාවන්නේ වසර 152කට පසුවීම විශේෂත්වයක්.

මේ වසර තුළ චන්ද්‍රගහණයන් දෙකක් සිදුවීමට නියමිත අතර ඉන් පළමු චන්ද්‍රගහණය මෙය වෙනවා.

එමෙන්ම මෙම පොහෝ දිනයද එදිනට යෙදී ඇති අතර, මෙවර චන්ද්‍රයා වෙනත් පොහෝ දිනවලදීට වඩා සියයට 14ක් විශාලව සහ සියයට 30ක් දීප්තිමත්ව දිස්වනවා.

මෙම චන්ද්‍රගහණය ශ‍්‍රී ලංකාවාසීන්ට පස්වරු 6.21 සිට රාත‍්‍රී 7.37 දක්වා කාලය තුළ නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව දැකගත හැකිබවයි ආචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තවද, චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර 50,000ක් පමණ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අතර එයින් වඩදිය මට්ටමේ සුළු වැඩිවීමක් සිදුවෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *