BREAKING NEWS
Search

“නළුවෝ කී දෙනකුගේ පෙම්වතිය වෙනවද මම..” හර්ෂණව ලග තියාගෙන වොල්ගා කියූ කතාව – Photos

වොල්ගා කල්පනී හර්ෂණ බෙත්මගේ කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිත. විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයින්ගේ හිත් දිනාගත් වොල්ගා ඈගේ ආදරේ ගැන මේ විදිහට පුවත්පතක් සමග කතා කර තිබුණා. මේ ඇයගේ ආදරේ ගැනයි

ප්‍ර- වොල්ගා කොහොමද හර්ෂණව හඳුණා ගන්නේ?

පි- මම පුංචි කාලේ  රූපවාහිනි ළමා වැඩසටහනට සහභාගී වුණා. හර්ෂණත් වැඩසටහනක  හිටියා.ඒ කාලේදී තමයි හර්ෂණව යාළුවෙක් විදියට හඳුණා ගන්නේ.

ප්‍ර- කොහොමද ඒ හිතවත්කම වැඩි වෙන්නේ?

පි- අපි හඳුණා ගන්නේ නම් පුංචිම කාලේනේ. මම ඉස්කෝලේ හතර වසරේ හිටියේ. අපේ කණ්ඩායාමේ ධනුක දිල්ෂාන්, මාධව , සචිනි , ගයාන්  මේ හැම දෙනෙක්ම අපේ ඒ කණ්ඩායමේ එදා හිටියා.අපි ළමා වැඩසටහන්වලට සම්බන්ධ වුණා. එතකොට හැමදාම හවස මහරගම ජනාධිපති විද්‍යාලයේ අපිට පුහුණු වීම් තිබුණා. අපි ඉතින් හැමදාම ඒවට සම්බන්ධ වුණා. හර්ෂණ ඉගෙනගත්ත ඉස්කෝලෙත් ඒකමයි. ඒ කාලේ වෙද්දි අපි හය වසර හතවසර වගේ ඉගෙන ගන්න කාලේ. ඒ කාලේ සාමාන්‍ය තේරුමක් තියෙනවා හැම කෙනා ගැනම. ඒ  හැමදේම වෙද්දී අපේ යාළුකම වැඩියෙන්  ගොඩනැගුණා. කොහොමහරි සාමාන්‍යපෙළ විභාගය ලියන කාලේ එද්දි  අපි කට්ටියම මාධ්‍ය කටයුතුවලින් ඈත් වුණා. විභාග වැඩවලට බාධාවක් නොවෙන්න  ඕනි නිසා. ඒ විදියට තමයි හිතවත්කම් වැඩි වෙන්නේ.

ප්‍ර- යාළුකමට එහා ගිය විශේෂත්වයක් හර්ෂණට ගැන වොල්ගා ගැන තියෙනවා කියන එක  ඒ කාලේ දැනිලා නැද්ද?

පි- ඒ කාලේ ඉතින් කට්ටිය එකතු වුණාම හර්ෂණ විහිළුවට කියනවා ඔයාව තමයි මං කවදා හරි බඳින්නේ කියලා. ඒ වෙලාවට මම කියනවා පිස්සුද හලෝ මම ඔයාව නම් බදින්නේ නැහැ කියලා. මම කවදාවත් හිතන්නේ නැහැ හර්ෂණ මාව කසාද බඳියි කියලා. එයා දැන් කියනවා ඒ හැමදේම කිව්වේ ඇත්තටමයි කියලා. එදා මං ඒවා විශ්වාස කළේ නැහැ. ඒත් කාලයක් යද්දී අපේ කතා බහ දුරදිග ගිහින් තිබුණේ. අපි මුණ ගැහෙන තැන්වලදී කතා බහ කරද්දී මට තේරුණා හර්ෂණ මං ගැන වැඩි අවධානයක් යාළුකමට එහා ගිය දෙයක් තියෙනවා කියලා. හැබැයි ඒක කෙළින්ම කියන්න ඉක්මන් වුණේ නැහැ.

ප්‍ර- එතකොට කොහොමද ඒ ප්‍රේමනීය ඇරයුම ලැබෙන්නේ?

පි-  දවසක් අපි මුණ ගැහුණ වෙලාවක හර්ෂණ මට විවාහ යෝජනාව ගෙනවා. ”ඔයා මාව බඳින්න කැමැතිද?” කියලා අහද්දී මං හිතුවා අදනම් මේ කතාව කියන්නේ ඇත්තටම තමයි කියලා. මීට අවුරුදු හතරකට කලින් සැප්තැම්බර් 27 වෙනිදා තමයි ඒ සිදුවීම වුණේ.

ප්‍ර- ඉතින් වොල්ගා එකපාරටම කැමතියි කියලා කිව්වද?

පි- මම කිව්වා ගෙදරින් අහන්න කියලා. කොහොම හරි දවස් දෙකකට පස්සේ හර්ෂණ ගෙදර ඇවිල්ලා  කැමැත්ත අකැමැත්ත ඇහුවා. මගේ අම්මා, තාත්තා, අක්කා,  අපි හතර දෙනා යාළුවෝ වගේ හැදුණේ. ඉතින් අක්කටයි, මටයි අපිට සිද්ධවෙන හැම දෙයක්ම  අපේ අම්මටයි තාත්තටයි කියන්න  පුළුවන්කමක් තිබුණා. ගෙදර හැමෝම හර්ෂණව දන්න නිසා ඒ යෝජනාවට විරුද්ධත්වයක් වුණේ නැහැ. මම මගේ කැමැත්ත දුන්නා.

ප්‍ර- වොල්ගගේ ප්‍රේමවන්තයා වෙන්න හර්ෂණ  තමයි සුදුසුම කෙනා කියලා  හිතුවේ ඇයි?

පි- අපේ  යාළුකම එක්ක අපි දෙන්නට දෙන්නා ගැන ලොකු අවබෝධයක් තිබුණා. තව කෙනකුට කියලා දෙන්න තරම් අනවබෝධයක් අපි අතර තිබුණේ නැහැ. ඒක තමයි අපිට අදටත් ලොකු ශක්තියක් වෙලා තියෙන්නේ අපිට. අනික අපේ තාත්තට මාව බන්දවන්න සල්ලි තියෙන, කොටිපතියෙක්  ඕනි වුණේ නැහැ. මාව සතුටින් තියන්න පුළුවන් කෙනෙක් තමයි එයාට ඔනි වුණේ. හර්ෂණ ළඟ හොඳ ගතිගුණ තිබුණා. අනික එයා වැඩිහිටියන්ට ගොඩක් ගරුකරන කෙනෙක්. මගේ අම්මටයි, තාත්තට වුණත් හරිම ආදරෙයි. මම හර්ෂණව තෝරගන්න ඒවා සුවිශේෂි හේතු වුණා.

ප්‍ර- කොච්චර කාලයකට පස්සෙද මේ ආදර කතාව විවාහයෙන්ම කෙළවර කරන්න දෙන්නා තීරණය කරන්නේ ?

පි-  ඒ වෙද්දී අපේ යාළුකමට අවුරුදු 17යි. අපි දෙන්නා යාළුවෙලා අවුරුදු තුනකින් තමයි විවාහ වෙන්නේ.  2016 අගෝස්තු 10 වැනිදා වෙඩින් එක අරගත්තේ.

ප්‍ර- වොල්ගගේ සිහින කුමාරයාම ලැබුණා කියලා හිතනවද?

පි- හැම ගැනු ළමයකුගේ වගේම මගේ හිතෙත් එහෙම කෙනෙක් හිටියා. මං හැමදාම හිතුවේ මට වගේම මගේ අම්මට තාත්තට පවුලේ අයට ආදරය කරන, මාව හොඳට බලා ගන්න, ඒ වගේම පොළොවේ පය ගහලා ජීවත්වෙන,  මං ගැන නිතර හොයලා බලන,  මට දැඩි ලෙස ආදරය කරන කෙනෙක්. පොඩිකාලේ ඉඳලම අපි දන්න නිසා ඇත්තටම මං හර්ෂණ තුළින් ඒ හැමදේම මං දකිනවා.

ප්‍ර- හර්ෂණ පුංචි තිරයේ  වෙනත් නිළියන්ගේ පෙම්වතා වෙද්දි වොල්ගට ඉරිසියාවක් දැනෙන්නේ නැද්ද?

පි- ඇත්තටම නැහැ. එහෙම නෑ කියන්න හේතුව තමයි. මමත් නිළියක්, රංගනය වෙනුවෙන් තිරය ඇතුළේ මමත්, නළුවෝ කී දෙනකුගේ පෙම්වතියක් වෙනවද? ඒක ඇක්ෂන් කිව්වම පටන් ගන්නවා කට් කිව්වම ආදරේ ඉවර වෙනවා. ඒ තේරුම් ගැනීම අපි දෙන්නා අතරෙම තියෙන නිසා ඒ සම්බන්ධ ගැටුම් අපි අතරේ නැහැ.

ප්‍ර- දෙන්නගේ කාර්යබහුලත්වය එක්ක සාමාන්‍ය ජීවිතේ වැඩ කරගන්නේ කොහොමද?

පි- හර්ෂණ තමයි ඉතින් වැඩපුර කාර්යබහුල, ක්ෂේත්‍රයට ආව කාලේ ඉඳලම මම ලොකු කාර්යබහුල නිළියක් නෙවෙයි. ඒ නිසා ගෙදර තියෙන වැඩ ටික අපි දෙන්නගේ වැඩ කරන්න මට කාලය ඉතිරි වෙනවා. අනික කියන්නම  ඕනි දෙයක්. මම ගෙදර හැදුණේ වෙනස්ම විදියකට. මම ගෙදර වැඩක් කරන්න ගියත් අපේ තාත්තා ඒක කරන්න දෙන්නේ නැහැ. හර්ෂණත් ඒ වගේ. අද සමාජයේ ගොඩක් පිරිමි අය හිතනවනේ ගෙදර වැඩ බිරිඳම කරන්න  ඕනි කියලා. ඇත්තටම අපේ ගෙදර නම් එහෙම දෙයක් නෑ. ඒ තේරුම් ගැනීම අවබෝධය හර්ෂණට තියෙනවා. හර්ෂණ කියන්නේ සම්ප්‍රදායික පිරිමියෙක් නෙවෙයි.

ප්‍ර- දෙන්නම දැන්  ජනප්‍රිය තරු කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර?

පි- අපි විවා වුණාට පස්සේ ප්‍රේක්ෂක ආදරය අපිට වැඩි වුණා. ඒ අය හැම වෙලාවෙම කියන්නේ ලස්සනට ජීවත් වෙන්න, ආදරෙන් ඉන්න කියන එක ඇත්තටම ඒ ප්‍රතිචාර ලැබෙද්දී තවත් සතුටුයි ජීවිතේ ගැන.

ප්‍ර- දෙන්නට මුහුණ දෙන්න වුණ අමතක නොවන සිදුවීම් ගැන මතකයක් නැද්ද?

පි- අපි දෙන්නා ගමන් ගිහින් එද්දි කොච්චර ? වුණත් නිදි මතක් ආවොත් ඉන්නේ කොහෙද බලන්නේ නෑ, වෙලාව බලන්නෙත් නෑ වාහනය නවත්තලා ටිකක්  නිදා ගන්නවා. ඉතින් මෑතක අර සුළි කුණාටුව ආව දවසේ අපි දෙන්නම ගමනක් ගිහින් ආපහු ගෙදර එන ගමන්. ගෙදර ගේට්ටුව පෙනි පෙනී  අපිට දැන් හොඳටම නිදිමතයි. සුළඟත් එක්ක  හොඳටම වහිනවා. කරන්න දෙයක් නෑ. නිදිමත වැඩිකමට ගෙදර ගේට්ටුව ඉස්සරහ අපි දෙන්නා වාහනය නවත්තලා  නිදා ගත්තා. උදේ පාන්දර හතරයි ඇහැරෙද්දී. ඊට පස්සේ වාහනය ලොක් වෙලා දොර ඇරගන්න බැහැ, ලයිට්ස් දාලා, වයිපර් එකත් වැඩ, අන්තිමට වාහනය ස්ටාර්ට් වෙන්නේ නැහැ,  බැටරිය බැහැලා. ඊට පස්සේ උදේ අපිට විශේෂ ගමනක් යන්න තිබ්බා ඒකත් බැරි වුණා. නිදිමත නිසා සෑහෙන දුකක් විඳින්න වුණා.

ප්‍ර- ඉදිරි ජිවිතේ සැලසුම් මොනවගේද?

පි- අපේ ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ ටිකත් කරගෙන, කලාවටත්  හොඳ වැඩක් කරගෙන ජීවිතේ හොඳ දේවල් කරන ගමන් සතුටින් ජීවත් වෙන්න තමයි හැම වෙලාවෙම හිතන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *